කිසිදු නෛතික බලපත්‍රයක් නොමැති සමාගම් වෙත මහජන මුදල් තැන්පත් ලෙස භාරගැනීමට අවසර දීමට මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ සිය තනතුර අවභාවිත කරමින් කටයුතු කර ඇතැයි විනිවිද පදනමේ සභාපති නාගානන්ද කොඩිතුවක්කු චෝදනා කරයි.
රු. ලක්ෂයට රු. 2000 බැගින් පොළිය ගෙවීමේ පදනම මත මෙලෙස තැන්පත් භාරගැනීමට අවසර ලබා දී ඇති බවත් මෙයට පෙර මෙවැනි සමාගම් ජනතාවගේ මුදල් තැන්පත් භාරගෙන මිලියන දහස් ගණනක් වංචා කර ඇති බවත් ඔහු පෙන්වා දෙයි.
මහ බැංකු අධිපතිවරයා මෙම වගකීම් විරහිත ක්‍රියාව වහා නතර කළ යුතු බවත් බලපත්‍ර නොමැතිව මුදල් තැන්පත් භාරගැනීමට අවසර ලැබුණු සමාගම ලැයිස්තුව වහා හෙළිදරව් කළ යුතු බවත් නාගානන්ද කොඩිතුවක්කු මහ බැංකු අධිපතිවරයාට ලිපියක් යොමු කරමින් දැනුම් දෙයි.