ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ වත්කම් පිළිබඳ ප්‍රශ්න කරන්නේ ජනතාව නොව විපක්ෂය සහ යම් යම් කල්ලි කණ්ඩායම් බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර පවසයි.
ඔවුන්ට එම මැති ඇමතිවරුන්ගේ වත්කම් පිළිබඳ සාකච්ඡා කිරීමට හැකියාව ලැබී ඇත්තේ ඒවා ප්‍රසිද්ධියට පත්කර ඇති නිසා බවද ඇමතිවරයා පෙන්වාදෙයි.
ජවිපෙ නායකයන් හිඟන්නන් බවට මතයක් සමාජගත කළ කණ්ඩායම අද ඒවා සාධාරණීකරණය කරගත නොහැකිව සිටින බවද ඔහු ප්‍රකාශ කරයි.
සිය කණ්ඩායමේ කිසිදු ගැටලුවක් නොමැති බවත් ඔවුන් අතර වංචනිකයන් දූෂිතයන් නොමැති බවත් ඇමති හර්ෂණ නානායක්කාර අවධාරණය කරයි.
ජාතික රූපවාහිනියේ වැඩසටහනකට එකතු වෙමින් ඇමතිවරයා මේ බව කීය.