රට කරගන්න බැරිව ආණ්ඩුව හතර ගාතෙන් වැටිලා… විපක්ෂේ වල්පැල අස්සේ මල්පැල හොයනවා…!

May 12, 2026 at 5:30 pm | by emanisa.lk

වල් පැල ගලවා මල් පැල හිටවා තැනූ ආණ්ඩුව වල්පැල අතර දක්ෂ මල්පැල සොයමින් ඇතැයි හිටපු අමාත්‍ය විමල් වීරවංශ පවසයි.

සුංබුං විපක්ෂය සහ වල්පැල යැයි නම් කරන ලද පිරිසක් අතර දක්ෂයින් සිටින්නේ කෙසේ දැයි ඔහු ප්‍රශ්න කරයි.

රට පාලනය කරගත නොහැකි වර්තමාන බුන්වත් ආණ්ඩුව සුංබුං විපක්ෂයෙන් තනතුරු දෙන්නට පිරිස් සොයන තැනට හතර ගාතෙන් වැටී ඇතැයි විමල් වීරවංශ සඳහන් කරයි.

ඩබල් පොකට් හොරුන්ට රටක් ගොඩනැඟිය නොහැකි බවත් බදු පිට බදු ගසමින් ආර්ථික ආගාධයේ පතුළ හාරමින් ඇතුළට යන ආණ්ඩුව පළවා හැරීමට ජනතාව සමග එකතු වන බවද හිටපු ඇමතිවරයා ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *