අවුරුදු එකහමාරක් වෙනවා.. කිසිම වරප්‍රසාදයක් ගත්තේ නෑ… මන්ත‍්‍රීලාට වාහනයන් ඕනෑ… වාහන නැතුව වැඩ කරන්න බෑ..!- ඇමති ලාල් කාන්ත

May 11, 2026 at 10:15 am | by emanisa.lk

දෙදහස් පන්සිය වසරකට පසු රටේ සාමාන්‍ය ජනතාව අතට බලය ලැබීම නිසා බලය ගිලිහී ගිය ප්‍රභූ පන්තිය මේ වන විට දැඩි ලෙස කලබලයට පත්ව සිටින බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත පවසයි.

පසුගිය කාලසීමාව තුළ සිදුකළ මහා පරිමාණ හොරකම්, වංචා සහ දූෂණ සම්බන්ධයෙන් නඩු පවරා ඇති බැවින් ඔවුන්ට නුදුරේදීම පෝලිමේ බන්ධනාගාරගත වීමට සිදුවනු ඇතැයි අමාත්‍යවරයා අවධාරණය කළේය.

ඇමතිවරයා අවධාරණය කළේ, මෙම ප්‍රභූ පන්තිය කලබල වී සිටියද තමන් ප්‍රමුඛ රජය කිසිසේත් කලබලකාරී දේශපාලනයක නිරත නොවන බවයි.

පසුගිය වසර එකහමාරක කාලය තුළ රජය කිසිදු වරප්‍රසාදයක් ලබාගෙන නොමැති බව පැවසූ ඔහු, තමන්ට තවමත් නිල වාහනයක් පවා නොමැති බව ද සඳහන් කළේය.

කෙසේ වෙතත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට තම රාජකාරි කටයුතු නිසි ලෙස ඉටු කිරීම සඳහා වාහනයක අවශ්‍යතාව පවතින බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩි දුරටත් පෙන්වා දුන්නේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *