මහරගම මිරිහාන සමගි මාවත ජාතික ජන බලවේගයේ ක්‍රියාකාරිකයෙකුගේ නමින් නම් කිරීමට මහරගම මහ නගර සභාව කටයුතු කර ඇතැයි විපක්ෂය පවසයි.
ඊට විරුද්ධව මහරගම මහ නගර සභාවේ විපක්ෂ කණ්ඩායම සභාව තුළ විරෝධතාවක නිරත විය.
විරෝධතාව අතරතුර කිසිවෙකු සභා පරිශ්‍රයේ විදුලි විසන්ධි කළද විරෝධතාව අඛණ්ඩව කරගෙන යෑමට විපක්ෂ කණ්ඩායම කටයුතු කළේය.