අනුරාධපුර අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමි වහා ම අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන්නැයි අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිඳු වික්‍රමරත්න නියෝග කර තිබේ.
ඒ 15 හැවිරිදි බාලවයස්කාර දැරියක ලිංගික අපයෝජනය කළ බවට සිදුකර ඇති චෝදනාවක් සම්බන්ධයෙනි. ඒ සමග දැරියගේ මවද අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කර ඇත.
ජාතික ළමා ආරක්ෂක අධිකාරිය අද (08) සිදු කළ කරුණු දැක්වීමකින් පසු මහේස්ත්‍රාත්වරයා නිට්ටඹුව පොලිසියට මෙම නියෝගය නිකුත් කර තිබේ.
සැකකාර පල්ලේගම හේමරතන හිමි විදෙස්ගතවීම වළක්වාලමින් ආගමන විගමන පාලකවරයාට තහනම් නියෝගයක් ද එහිදී නිකුත් කර ඇත.