මාලිමාණ්ඩුවට මා ඕනෑකර තිබීම මට ගෞරවයක්…. ඒ වුණාට මම යන්නෑ…! – හර්ෂ ද සිල්වා….

May 7, 2026 at 7:07 pm | by emanisa.lk

තමන් කිසි විටකත් මාලිමාණ්ඩුවට එක් නොවන බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි.

මුදල් ඇමති ධුරය ලබා ගෙන ආණ්ඩුව සමඟ එක්වන බවට මේ දිනවල ගෙන යන ප්‍රචාරය සම්පූර්ණ අසත්‍ය බවද ඔහු සඳහන් කළේය.

ඔහු තවදුරටත් කියා සිටියේ මුදල් කාරක සභාවේ සභාපතිවරයා ලෙස තමන් ගෞරවනීය ලෙස එම කටයුත්ත සිදු කරන බවයි.

ආණ්ඩුවට තමන් වැනි අය ඕනෑ කර තිබීම ගෞරවයක් වුවත් මෙවැනි ආණ්ඩුවකට එක්වීමට කිසිදු අදහසක් හෝ බලාපොරොත්තුවක් නොමැති බව ඔහු අවධාරණය කරයි.

තමන් වෙනුවෙන් ඡන්දය පාවිච්චි කළ ජනතාවගේ ගෞරවය ආරක්ෂා කරමින් ඔවුන්ගේ අපේක්ෂාවන් වෙනුවෙන් පාර්ලිමේන්තුවේ හා ඉන් පිටත අඛණ්ඩව හඬ නගන බවද හිතෙම වැඩි දුරටත් කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *