ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම්ට ඇත්තේ නොමේරු මනසක් බවත් ඔහුගේ කටයුතු නිසා කඳවුරේ දේශපාලන සමගිය බිඳ වැටෙන බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත පවසයි.
“සාගර කාරියවසම් නිසා නාමල් රාජපක්ෂටත් අනාගතයක් නැතිවෙනවා. සාගර කාරියවසම්ගේ තත්ත්වය හැමදාමත් ඔහොම තමයි. එයා සමගි වෙන්න ඕන අවස්ථාවල සමගිය කඩනවා. අපේ ආණ්ඩුව ඇතුළේ මුලින්ම උදය ගම්මන්පිලට බැණ වැදුණෙත් එතුමා.
රටේ විශාල අරගලයක් මතුවෙද්දි අපේ ගෙවල්වලට ගැහුවොත් අපිත් ගහනවා කිව්වා. එතුමාගේ ගෙවල් කවුරුත් දන්නෑ. පරම්පරා ගාණක් දන්න අපේ ගෙවල්වල ගැහුවා. මේ පුරසාරම් කතා නිසා අවසානයේ පීඩාවට පත්වූයේ සැබෑ දේශපාලනඥයෝ.
අනුර කුමාර දිසානායක 3%ක ප්රතිශතයක සිට මේ රටේ ජනාධිපති වුණා නම්, නාමල් රාජපක්ෂටත්, දිලිත් ජයවීරටත්, සජිත් ප්‍රේමදාසටත් මේ රටේ ජනාධිපති වෙන්න බැහැයි කියලා කාටවත් කියන්න බැහැ. විපක්ෂය ඒකරාශී විය යුතු මොහොතක, මෙවැනි නොමේරු දේශපාලන ඥානයක් සහිත පුද්ගලයන් පක්ෂවල වගකීම් දැරීම අභාග්‍යයක්.”
ඔහු මේ බව ප්‍රකාශ කළේ සර්වජන බලය නායක දිලිත් ජයවීර සම්බන්ධයෙන් සාගර කාරියවසම් සිදුකළ ප්‍රකාශයක් පිළිබඳ විමසූ මාධ්‍යයට ප්‍රතිචාර දක්වමිනි.