මාලිමාවට බෑ කියා මාලිමා මන්ත්‍රී ඉල්ලා අස්වෙයි…!

May 7, 2026 at 10:37 am | by emanisa.lk

ජාතික ජන බලවේගය නියෝජනය කරන කුරුණෑගල නාගරික මන්ත්‍රී බී. ඩබ්. ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.

මහ නගර සභාව තුළ අවිධිමත් පාලනය, වංචා දූෂණ හා නාස්තිය, අවිධිමත් ඉන්ධන ලබාදීම්, අවිධිමත් ලෙස අතිකාල ගෙවීම්, සේවයට වාර්තා කර පිටව යෑම වැනි දූෂිත කටයුතු තවමත් ක්‍රියාත්මක වන බැවින් තමන් මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වන බව ඔහු නගරාධිපතිවරයා වෙත ලිඛිත දැනුම් දීමක් කර ඇත.

ගත වූ කාලය තුළ නගර සභාව ජනතාවාදී පාලනයක් කරා ගෙන යෑමට අපේක්ෂා කළද මෙතෙක් එය ඉටු නොවූ නිසා මන්ත්‍රී ධූරයේ රැඳී සිටීමෙන් පලක් නොමැති බව හෙතෙම ප්‍රකාශ කර තිබේ.

බී. ඩබ්. ප්‍රේමචන්ද්‍ර පසුගිය පළාත් පාලන මැතිවරණයේදී කුරුණෑගල මහ නගර සභාව සඳහා අංක එක ගංගොඩ කොට්ඨාශයෙන් වැඩිම මනාප ලබාගනිමින් මන්ත්‍රීවරකු ලෙස තේරී පත්විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *