ආයුර්වේද කොමසාරිස් ධුරයත් මාලිමාවට… දේශපාලන හිතවතිය උඩින්ම පුටුවට… 76 වසරක ශාපය නිමා කළ සංගමයෙන් නිවේදනයක්..!

May 5, 2026 at 11:14 am | by emanisa.lk

උතුරු මැද පළාත් ආයුර්වේද කොමසාරිස් ධුරයෙහි වැඩ බැලීම සඳහා සුුුදුසුකම් නොමැති එහෙත් පළාතේ දේශපාලන ප්‍රබලයෙකුගේ හිතවතියක පත්කර ඇතැයි ශ්‍රී ලංකා රජයේ ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සංගමය චෝදනා කරයි.

එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ආයුර්වේද සේවා ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් සදාචාර විරෝධී ලෙස මෙම පත්කිරීම සිදුකර ඇත්තේ 76 වසර දූෂිත පාලනය නිමා කිරීමේ අභිලාෂයෙන් ජනතාව සමග සියලු ආයුර්වේද වෛද්‍යවරුන්ද එක්ව පත්කර ගත් වර්තමාන ආණ්ඩුව විසින් බවයි.

මෙම තනතුර සඳහා වෛද්‍ය පරිපාලන i හෝ ii සුදුසුකම් සහිත වෛද්‍ය නිලධාරීන් පත්කළ යුතු බවද එම සංගමය අවධාරණය කරයි. සෙසු පළාත්වල එම තනතුරේ පුරප්පාඩු පියවීම සඳහා අයඳුම්පත් කැඳවා ඇති අතර සුදුසු නිලධාරීන් වැඩබැලීමටද පත්කර ඇත. කෙ

සේ වුවද උතුරු මැද පළාතේ ඒ සඳහා අයඳුම්පත් කැඳවා නොමැති අතර වෛද්‍ය පරිපාලන ii සුදුසුකම් සපිරි වෛද්‍යවරයෙකු සිටින අවස්ථාවක කිසිදු සුුදුසුකම් නොමැති නිලධාරිනියක හුදු දේශපාලන හිතවත්කම මත මෙම තනතුරේ වැඩ බැලීමට පත්කර ඇත.

ආණ්ඩුව මෙම තීන්දුව වහා හකුළානොගෙන සුදුසුකම් සහිත නිලධාරියෙකු අදාළ තනතුර සඳහා පත්කරනොගහොත් සිය සංගමය දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග වෙත එළඹෙන බවටශ්‍රී ලංකා රජයේ ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සංගමය අනතුරු අඟවයි.

මෙම සදාචාර විරෝධී දේශපාලන බලපෑම සිදුකර ඇත්තේ පොළොන්නරුව දිස්ත්‍රික්කය නියෝජනය කරන නූගත් නියෝජ්‍ය ඇමතිවරයෙකු බව දැන ගන්නට තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස