නි. අමාත්‍ය ටී.බී. සරත් මැයි දින රැලියෙහි සිදුකළ උද්වේගකර කතාව අසා සිටින විට ඔහු රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ ඇමතිවරයෙක්ද යන සැකය මතු වූ බව හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.
පොහොර ඇටයක් රටේ නොමැති අවස්ථාවක රට භාරගත්තේ අනුර නොව රනිල් බවත් එම ආණ්ඩුවේ කෘෂිකර්ම ඇමති තමන් බවත් ඔහු අවධාරණය කරයි.
මාලිමාණ්ඩුව පත්වන විට රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේද ඕනෑ තරම් පොහොර පැවැති බවත් එකල යූරියා පොහොර මිටිය රු. 8000ක මිලට ගත හැකිව තිබූ බවත් හිටපු ඇමතිවරයා ප්‍රකාශ කරයි.
එහෙත් අද වන විට රාජ්‍ය අංශයේ යූරියා පොහොර මිටියක් රු. 10000 ඉක්මවා ඇති බවත් පෞද්ගලික අංශයේ රු. 19 000කට බවට පත්ව ඇති නුමත් රට තුළ දැඩි පොහොර හිඟයක් ඇති බවත් මහින්ද අමරවීර පෙන්වා දෙයි.
එපමණක් නොව වර්තමාන ආණ්ඩුව 100%ක් වැඩි මිලට පොහොර මිලට ගෙන රු. කෝටි 8000ක වංචාවක් සිදුකර ඇතැයි ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් චෝදනා කර ඇතැයිද හෙතෙම සඳහන් කරයි.