මාලිමා ආණ්ඩුව මෙවර මැයි දින රැලි සඳහා ජනතාව රැගෙන ඒමට බස් රථ සඳහා කෝටි 2-3ක් වැය කළ බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සභාපති ගැමුණු විජේරත්න පවසයි.
පසුගිය අවස්ථාවලද මාලිමාව එක් මැයි දිනයක් සඳහා රුපියල් කෝටියක් පමණ වැය කළ බවත් මෙවර රට පුරා මැයි රැලි 21ක් පැවැත්වූ බවත් ඔහු පෙන්වා දෙයි.
කෙසේ වුවද තමා මෙවර වෙසක් පොහෝ දිනය නිසා එම කටයුතු සඳහා තමන් මැදිහත් නොවූ බවද ගැමුණු විජේරත්න අවධාරණය කරයි.
වෙසක් පොහොය පවා නොතකා ඇතැමුන් සුපුරුදු සෙනග පෙන්වීමේ දේශපාලනයෙහි යෙදුණු නමුත් එක් බස් රථයක පැමිණියේ මගීන් හය දෙනෙකු පමණක් බවත් හෙතෙම ප්රකාශ කරයි.