කොන්ත්‍රාත්කරුවන්ට දෙපාරක් ගෙවලා නම් වරද අපේ නෙමෙයි, බැංකුවේ…! – නි. ඇමති ප්‍රසන්න ගුණසේන….

April 27, 2026 at 4:45 pm | by emanisa.lk

මාර්ග සංවර්ධන අධිකාරියට අයත් කිසිදු ගිණුමකින් කොන්ත්‍රාත්කරුවන්ට කිසිදු මුදලක් දෙවරක් ගෙවා නොමැති බවත් නලීන් බණ්ඩාර සිදුකරන චෝදනා සම්පූර්ණයෙන් අසත්‍ය බවත් ප්‍රවාහන සහ මහා මාර්ග නි. ඇමති ප්‍රසන්න ගුණසේන පවසයි.

එලෙස කිසියම් ගෙවීමක් කිරීමට ඇත්නම් මාර්ග සංවර්ධන අධිකාරිය එම මුදල වෙනත් ගිණුමට මාරු කර එය ගෙවන ලෙස බැංකුවට දැනුම් දෙන බවත් එලෙස මුදල් යොමු කර දැනුම් දීමක් කළහොත් පමණක් බැංකුවට ගෙවිය හැකි බවත් නි. ඇමතිවරයා අවධාරණය කරයි.

නි. ඇමති ප්‍රසන්න ගුණසේන පෙන්වා දෙන්නේ කිසියම් මුදලක් දෙවරක් ගෙවා ඇත්නම් එය බැංකුවේ මිස මාර්ග සංවර්ධන අධිකාරියේ වරදක් නොවන බවත් හෙතෙම ප්‍රකාශ කරයි.

මේ අතර ලංකා බැංකු මඩකලපුව ශාඛාව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ 2024 දෙසැම්බර් 30වෙනි දින ගෙවන ලද ගෙවීමක් නැවත වරක් 2026 ජනවාරි 23 වෙනිදින නැවත ගෙවා ඇති බව තහවුරු කර ඇති අතර එය නැවත පියවා නොමැති බවද පවසා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *