දිට්වා ඇවිත් මාස පහයි… කැඩුණු දුම්රිය පාර එහෙමමයි… ඉතිරියත් කැලෑබත් වෙයි…!

April 26, 2026 at 9:28 am | by emanisa.lk

දිට්වා සුළි කුණාටුව නිසා උඩරට දුම්රිය මාර්ගය විනාශ වී මේ වන විට මාස පහකට අධික කාලයක් ගතවුවද එය යථා තත්ත්වයට පත්කිරීමට නොහැකි වී තිබේ.

පසුගිය සිංහල අලුත් අවුරුද්ද වන විට මහනුවරට දුම්රිය ගෙන යන බවට අමාත්‍ය බිමල් රත්නායක ප්‍රතිඥා දුන්නද මේ වන විට නි. අමාත්‍ය ප්‍රසන්න ගුණසේන පවසන්නේ මේ වසර අවසානයට පෙර උඩරට දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත්කරන බවයි.

මේ වන විට උඩරට දුම්රිය මාර්ගයේ කුණාටුවේ බලපෑමට හසු නොවූ කොටස් පවා වල් බිහිව ජරාවාස වෙමින් තිබේ. බලන දුම්රිය ස්ථානය සහ ඉහල කෝට්ටේ දුම්රිය ස්ථානය අතර පිහිටි අංක 08 දරන බිම්ගෙය අසල දුම්රිය මාර්ගය වල් බිහිවී ඇති ආකාරය ඡායාරූපයේ දැක්වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *