අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත වසර 14 රාජ්‍ය දේපළ අවභාවිත කරමින් මන්ත්‍රී නිල නිවසක රැඳී සිට ඇති බවට චෝදනා කරමින් නව ජනතා පෙරමුණ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
මාදිවල මන්ත්‍රී නිවාස පරිශ්‍රෙය් පිහිටි නිවසක මෙලෙස ඔහු රැඳී සිටින බවට ඔවුහු චෝදනා කරති.
රාජ්‍ය දේපළ අවභාවිත කිරීම සේම ලාල්කාන්ත ඇමතිවරයා වසර දාහතරක් නිල නිවසේ රැඳී සිටිමින් තවත් මන්ත්‍රී වරයෙකුට නිල නිවස ලබා ගැනීමේ අයිතියද අහිමි කර ඇති බව එම පෙරමුණ පෙන්වා දෙයි.
ලාල්කාන්ත, 2001 වසරේ දෙසැම්බර් මස 19 වැනිදා සිට 2010 වසරේ පෙබරවාරි මස 9 වැනිදා දක්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස සිටි අතර, මන්ත්‍රී ධූරයක් නොමැතිව 2010 වසරේ සිට 2024 වසර දක්වාම මාදිවෙල මන්ත්‍රී නිවාස පරිශ්‍රයේ D-10 නිවාසයේ පදිංචි වී සිට ඇති බව නව ජනතා පෙරමුණ වැඩි දුරටත් සඳහන් කළේය.