ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් බලශක්ති අමාත්‍යවරයා ලෙස අනුර කරුණාතිලක පත්කරනු ලැබ තිබේ.
ඒ අනුව අනුර කරුණාතිලක අද (20) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී බලශක්ති අමාත්‍ය ධුරයේ දිවුරුම් දෙනු ලැබීය.
බලශක්ති අමාත්‍ය ධුරයට අමතරව ඔහු වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ලෙසද කටයුතු කරයි.
මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායකද සහභාගි විය. අනුර කරුණාතිලක කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථියෙකු වන අතර එහි ජ්‍යේෂ්ඨ කථිකාචාර්යවරයෙක් ලෙසද කටයුතු කළේය.