ස්වීඩන් රජය පන්ති කාමරවල ඩිජිටල් අධ්‍යාපන මෙවලම් වෙනුවට නැවත පොත්, කඩදාසි සහ පෑන් කෙරෙහි අවධානයක් යොමු කරමින් සිටින බව BBC ආයතනය පවසයි.
ඔවුන් පෙන්වා දෙන්නේ රටේ සාක්ෂරතා මට්ටම් පහත වැටීම ආපසු හැරවීම සඳහා මෙම නව සැලසුම ක්‍රියාත්මක කරන බවයි.
කෙසේ වුවද මෙම තීන්දුව තාක්ෂණික සමාගම්, අධ්‍යාපනඥයින් සහ පරිගණක විද්‍යාඥයින්ගෙන් විවේචනයට ලක්ව තිබේ. ඔවුන් පෙන්වා දෙන්නේ එය සිසුන්ගේ රැකියා අපේක්ෂාවන්ට බලපෑම් කළ හැකි අතර රටේ ආර්ථිකයටද හානිකර හැකි බවයි.
2000 දශකයේ අගභාගයේ සහ 2010 දශකයේ මුල් භාගයේදී ස්වීඩන් පන්ති කාමරවල ලැප්ටොප් ප්‍රධාන අධ්‍යාපන මෙවලම බවට පත්විය. 2015 වන විට නාගරික රාජ්‍ය අරමුදල් සහිත උසස් පාසල්වල සිසුන්ගෙන් 80% ක් පමණ තනි තනිව ඩිජිටල් උපාංගයකට ප්‍රවේශ විය. පෙර පාසල්වල ටැබ්ලට් භාවිතය 2019 දී විෂය මාලාවට ඇතුළත් කරන ලදී.
කෙසේ වුවද ඔවුන් 2022 සිට නැවත ඩිජිටල් තිර වෙනුවට පොතපත වෙත දරුවන් යොමු කරමින් ඇත. මේ වන විට පාසලේ ඩිජිටල් තිර භාවිතය අවම කර ඇති අතර එය කිසිසේත් නොකළ යුතු බවද අවධාරණය කරති.
ඩිජිටල් තිරවලින් නිදහස් පාඩම් දරුවන්ට අවධානය යොමු කිරීමට සහ ඔවුන්ගේ ලිවීමේ සහ කියවීමේ කුසලතා වර්ධනය කිරීමට වඩා හොඳ තත්වයන් නිර්මාණය කරන බවට එරට අධ්‍යාපන විශේෂඥයෝ තර්ක කරති. 2025 සිට, පෙර පාසල් තවදුරටත් ඩිජිටල් මෙවලම් භාවිත කිරීම අවශ්‍ය නොවන බවද ප්‍රකාශ කරති.