විශ්වාස භංගෙන් උඩින්ම දිනූ කුමාර ජයකොඩි ඇමති ධුරයෙන් ඉල්ලා අස්වෙයි….!

April 17, 2026 at 2:46 pm | by emanisa.lk

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි වහාම ක්‍රියාත්මක වන පරිදි සිය ධුරයෙන් ඉල්ලා අස්ව තිබේ.

බාල ගල් අඟුරු මිලදී ගැනීම සම්බන්ධයෙන් මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය හමුවේ 2009 සිට මිලට ගත් ගල් අඟුරු පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

කුමාර ජයකොඩි පෙන්වා දෙන්නේ අපක්ෂපාතී සහ නිදහස් විමර්ශනයක් තහවුරු කිරීම සඳහා තමන් ඉල්ලා අස්වන බවයි.

කෙසේ වුවද පසුගිය ඔහුට විරුද්ධව එල්ල වූ විශ්වාසභංගය 2/3කින් පරාජය කිරීමට ආණ්ඩුව කටයුතු කළ අතර ඇමතිවරයා කිසිසේත් ඉල්ලා අස් නොවන බව ආණ්ඩු පාර්ශ්වය අවධාරණය කළේය.

මේ අතර ඊයේ සමාජ මාධ්‍ය වාර්තා කළේ ඉන්ධන බැරලය ඩොලර් 286කට එනම් ලොව වැඩිම මිලට ලංකාව මිලට ගෙන ඇති බවට HSBC සමූහය තහවුරු කිරීම නිසා ආණ්ඩුවේ ඉහළම තැනකින් ඉල්ලා අස්වන ලෙස ඇමති ජයකොඩිට දැනුම් දී ඇති බවයි.

ඇමති කුමාර ජයකොඩි සමග අමාත්‍යංශ ලේකම් මහාචාර්ය උදයංග හේමපාලද ඉල්ලා අස්ව තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *