බැරලය ඩොලර් 286ට ගත්තේ බොරතෙල් නෙමෙයි, ඩීසල්..! – තෙල් සභාපති…

April 17, 2026 at 1:14 pm | by emanisa.lk

HSBC සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී ජෝර්ජ් එල්හෙඩරි ප්‍රකාශ කළ පරිදි, ඩීසල් බැරලයක් ඇමරිකානු ඩොලර් 286 බැගින් මිලදී ගත් බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා පිළිගෙන තිබේ.

ඔහු පවසන්නේ ලෝක වෙළඳපොළේ ඩීසල් මිල අධික ලෙස ඉහළ ගොස් ඇති බවත් මේ වන විට ඩීසල් බැරලයක් ඩොලර් 199ක් වන බවයි. සභාපතිවරයා පෙන්වා දෙන්නේ ඊට ප්‍රිමියම් අගයද එකතු වූ විට ඉහත මිලට ඩීසල් මිලට ගැනීමට සිදුවන බවයි.

මෙම මිල ඉහළ යෑම ආණ්ඩුවට පාලනය කළ නොහැකි බවත් එම මිලට තෙල් මිලට නොගත්තේ නම් රටේ තෙල් නොමැති වන බවත් ඩී.ජේ. රාජකරුණා ප්‍රකාශ කරයි.

පවතින තත්ත්වය මත ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඩොලර් 95-100ක මට්ටමක පැවතියද, ශ්‍රී ලංකාවේ ගැනුම්කරුවෙකු බොරතෙල් බැරලයක් සඳහා අමෙරිකානු ඩොලර් 286ක අතිවිශාල මුදලක් ගෙවා ඇති බව හොංකොං හි පැවැති ආයෝජන සමුළුවකදී HSBC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරීවරයා පවසා සිටියේය.

HSBC සමූහයේ ලන්ඩන් මූලස්ථානයේ මාධ්‍ය කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සමූහ කළමනාකරු ද, සිය ප්‍රධාන විධායක නිලධාරි ජෝර්ජ් එල්හෙඩරි විසින් අදාළ ප්‍රකාශය සිදු කර බව තහවුරු කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *