පසුගිය සමයේ සිය පාක්ෂිකයන් දෙන කෙසෙල් කැනක්, කරවල කූරියෙක්, හාල් ටිකක් ලබා ගෙන පාක්ෂිකයන් සිය බිරිඳගේ ගිණුමට යොමු කළ මුදලින් දුක සේ ජීවත් වූ ඇමති කේ.ඩී. ලාල්කාන්ත සහෝදරයාට ජනතාව සිටුතුමා යැයි අමතන්නට පටන්ගෙන ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ පවසයි.
1981 අංක එක දරන පාර්ලිමේන්තු පනත අනුව මේ අයගේ මන්ත්‍රීකම් සහ ඇමතිකම්ද අහෝසි විය යුතු බවයි, ඔහු පෙන්වා දෙන්නේ.
ජනතාවට බොරු කියමින් මැතිවරණයට ඉදිරිපත් වුවහොත් එය අධිකරණය ඉදිරියේ අභියෝගයට ලක්කළ හැකි බවද මධුර විතානගේ ප්‍රකාශ කරයි.
මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම මේ බව කීය.