ලාල්කාන්තට අරගලය ධන උල්පතක් වෙලා… සමාජ ප්‍රාග්ධනය කොටස් වෙළඳපොළේ… කළු සල්ලි සුදු කළාදැයි සැකයක්…!

April 16, 2026 at 5:35 pm | by emanisa.lk

අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්තගේ වත්කම් බැරකම් ප්‍රකාශ අනුව පසුගිය අරගල සමයේ ඔහුට විශාල වශයෙන් මුදල් ලැබී ඇති බව තහවුරු වන්නේ යැයි ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය මහින්ද පතිරණ පවසයි.

“ලාල් කාන්තට 2022 එකවරම විශාල මුදලක් ලැබිල තියෙන බව පේනවා. මේ ගෝල්ෆේස් අරගලයට සූදාන්ම් වුණ කාලය. මේ පුද්ගලික සමාගම්වල කොටස් ඔහු මිලට අරගෙන තියෙන්නෙ ඒ කාලේ.
අනික ජනවාරි සිට පෙබරවාරි කියන මාස දෙක අතර මේ ගනුදෙනු සිදුවෙලා තියෙන්නෙ.

කොටස් මිලට ගැනීමත් ඇත්තටම කළු සල්ලි සුදු කරන විදියක්. ඒ කොහොම වුණත් කෘෂිකර්ම කැබිනට් ඇමති විදියට මේ කොටස් හිමි සමාගම් සහ ඔහුගේ අමාත්‍යා ධුරය අතර ලබැඳියාවන් අතර ගැටුම් තිබෙන්න පුළුවන්. ලාල් මේ සමාගම්වලට වැඩි⁣ වරප්‍රසාද දෙන්න පුළුවන් ඔහුගේ ඇමතිකම භාවිත කරල. මොකද ඒ හරහා ඔහුගේ ලාභය වැඩි වෙනවා.

ලාල් එළියට පෙන්වූ හිඟන ප්‍රතිරූපය ඔහු තම ජවිපෙ කාඩරය රැවටීමට යොදාගත් උපක්‍රමයක් විදියට දැන් සම්පූර්ණයෙන් ම හෙළි වෙලා තියෙන කාරණය පැත්තකින් තිබ්බත් මේ දෙවැනි කාරණය ගැන අනිවාර්යයෙන් ම සොයා බැලිය යුතුයි.”

FB

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස