කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාර්මාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්තගේ 2025 වසරේ වත්කම් බැරකම් ප්‍රකාශය යැයි කියනු ලබන ලේඛනයක් සමාජ මාධ්‍යවල සංසරණය වෙයි.
කුරගමගේ දොන් ලාල් කාන්ත යනුවෙන් නම සඳහන් එම වත්කම් බැරකම් ප්‍රකාශයට අත්සන් තබා ඇත්තේ මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය, නීතිඥ සුනිල් වටගලය.
පසුගිය වසරේ එනම් 2025 දෙසැම්බර් 26 වැනි දින අත්සන් තබා ඇති එම වත්කම් බැරකම් ප්‍රකාශය අනුව ඇමතිවරයා සතුව මිතුරෙකු ලබාදුන් මුදලින් ගත් ලක්ෂ 45ක් වටිනා මෝටර් රථයක්ද රු. ලක්ෂ 46ක පමණ රන් ආභරණ සහ රන් පවුම් තිබේ. එසේම ඔහු කොටස් වෙළඳපොළේ සමාගම් 10ක මුදල් ආයෝජනය කර තිබේ. ලක්ෂ 9ක පමණ මුදලක් බැංකු ගිණුම්වල ඇත. එසේම ලක්ෂ 670ක පමණ ගොඩනැඟිලි සහ දේපළ තමන් සතු බව එමගින් තහවුරු කර තිබේ.
කෙසේ වුවද මෙම වත්කම් බැරකම් ප්‍රකාශයෙහි පසුගියදා ආන්දෝලනයට ලක්වූ ඇමති කේ.ඩී. ලාල්කාන්තගේ කඩුවෙල, වැලිවිට පිහිටි සුපිරි තෙමහල් නිවස ඇතුළත් කර නොමැති බව මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය ප්‍රකාශ කරයි.