පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන්ද අනෙකුත් සාමාන්‍ය රට වැසියන්ගෙන් මෙන්ම උපයන විට බදු අයකරගන්නා බව මුදල් හා ක්‍රම සම්පාදන නි. අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පවසයි.
ඔහු මේ බව පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්ගේ රු. 415 000කට අධික මාසික වැටුපින් රු. 7500ක පමණ අඩු බදු මුදලක් අයකර ගැනීම පිළිබඳ ස්වර්ණවාහිනියේ පැවති වැඩසටහනකදී ප්‍රශ්න කළ අවස්ථාවේය. එහිදී මාධ්‍ය වේදියා පෙන්වා දුන්නේ එම ප්‍රමාණයේ වැටුප් ලබන පෞද්ගලික අංශයේ නිලධාරියෙකු රු. 80 000කට වැඩි බදු මුදලක් ගෙවන බවයි.
මෙම බදු ගණනයේදී ඇතැම් අවස්ථාවල වැඩිපුර අයකර ඇති බවද ඇතැම් අවස්ථාවක අඩුවෙන් අයකර ඇති බවද නි. ඇමති පෙන්වා දෙයි. එහෙත් බදු වර්ෂය අවසානයේ නියමිත බදු මුදල අයකර ගන්නා බවද ඔහු පවසයි.
වරක් සිය වැටුපට සාපේක්ෂව විශාල බදු මුදලක් අයවී තිබූ බවත් එය විය හැක්කක් බවත් අනිල් ජයන්ත ප්‍රකාශ කරයි. සියලු දෙනාගෙන්ම තරාතිරම නොබලා අදාළ බද්ද අයකරගන්නා බවද හෙතෙම අවධාරණය කරයි.