රටට බොරු කියමින් ආණ්ඩුව නොකියාම කරන්ට් කපයි… ලංවිම වාර්තාවලින් සියල්ල තහවුරුයි…!

April 12, 2026 at 7:29 pm | by emanisa.lk

මේ වන විට ආණ්ඩුව අනීතිකව රාත්‍රි 6.30-11.00 අතර යම් යම් ප්‍රදේශවලට විදුලි කප්පාදුවක් සිදුකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක පවසයි.

විදුලි බල මණ්ඩල පද්ධති කළමනාකරණ දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවෙහි manual load shedding යනුවෙන් සඳහන් වන්නේ සැලසුම් කළ විදුලි කප්පාදුවට බවද ඔහු ප්‍රකාශ කරයි.

විදුලි කප්පාදුවක් සිදුකරන්නේ නම් නිසි හේතු දක්වා මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය ගතයුතු බවද එසේ නොකර විදුලි කප්පාදු කිරීම නීති විරෝධී බවද ඩී.වී. චානක අවධාරණය කරයි.

බලශක්ති ඇමති කුමාර ජයකොඩි, විදුලි බල මණ්ඩලය මේ සඳහා වගකිව යුතු බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලිසිය දේශපාලනීකරණය වී ඇති බැවින් මේ ආණ්ඩුව පවතින තුරු ඊට විරුද්ධව කිසිවක් කළ නොහැකි බවද ඔහු සඳහන් කරයි.

ඩී.වී. චානක මේ බව ප්‍රකාශ කළේ, සියත නාලිකාවේ ත්‍රිකෝණය දේශපාලන සංවාදයට එකතු වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *