තවත් නම් හෝදන්න බෑ… ගල් අඟුරු වංචාවක් වෙලා… මමත් ආණ්ඩුවට බනිනවා…! – මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි…

April 10, 2026 at 3:55 pm | by emanisa.lk

ආණ්ඩුව රැකගැනීමේ අරමුණින් ගල් අඟුරු වංචාවක් සිදුව නොමැති බවට තර්ක කළ තමන්ට ඒ පිළිබඳ විගණන වාර්තාව නිකුත් වීමත් සමග තව දුරටත් එය සේදීය නොහැකි තැනට පත්ව ඇතැයි මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ එම විගණන වාර්තාව අනුව ගල් අඟුරු ප්‍රසම්පාදන ක්‍රියාවලියෙහි බරපතළ අක්‍රමිකතා සිදුව ඇති බව තහවුරු වන බවයි.

මේ නිසා මෙතෙක් කල් ආණ්ඩුව ආරක්ෂා කළ තමන්ටද ආණ්ඩුව සැක කරමින් විවේචනාත්මක ආස්ථානයකට යෑමට සිදුවන බවද මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි ප්‍රකාශ කරයි.

සිය youtube නාලිකාවට වීඩියෝවක් එකතු කරමින් ඔහු මේ බව පවසා ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *