පසුගිය ආණ්ඩුව සමයේ දිනකට ශ්‍රමිකයන් 450ක් පමණ විදෙස් රැකියා සඳහා පිටත්ව ගියද මේ වන විට එය 19 දක්වා පහත වැටී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක පවසයි.
මේ වන විට රටට ලැබෙන විදේශ රැකියා ප්‍රමාණය සීඝ්රයෙන් පහත වැටෙන බවත් ඒ ගැන විදේශ ඇමතිවරයා සමග දත්ත ඉදිරිපත් කරමින් ඕනෑම වේදිකාවක කතා කිරීමට සූදානම් බවද ඔහු අවධාරණය කරයි.
මේ වන විට ආයෝජකයන් රට අතහැර යමින් ඇතැයිද මැයි 01 වෙනිදා තුල්හිරියේ පිහිටි ඇඟළුම් කම්හලක් වසා දමන බව දැනුම් දී ඇතැයිද චාමර සම්පත් හෙළිකරයි.
වර්තමාන ආණ්ඩුවෙන් ජනතාව වික්ටෝරියා, රන්දෙනිගල වැනි දැවැන්ත ව්‍යාපෘති බලාපොරොත්තු නොවන බවත් හැඳුනුම්පත, විදේශ ගමන් බලපත්‍රය සහ වාහන අංක තහඩුව විධිමත් ආකාරයට ලබා දීමට කටයුතු කරන ලෙසද හෙතෙම ඉල්ලා සිටියි.
අද (09) පාර්ලිමේන්තුව අමතමින් චාමර සම්පත් දසනායක මේ බව කීය.