බාල ගල් අඟුරු මගඩිය මැද විදුලි ජනන දත්තත් හංගයි…!

April 8, 2026 at 4:49 pm | by emanisa.lk

ලංකා විදුලි බල මණ්ඩල වෙබ් අඩවියෙන් මෙරට විදුලි බල නිෂ්පාදනයේ නවතම තත්ත්වය ප්‍රකාශ කරන Generation Summary පිටුව සිය වෙබ් අඩවියෙන් ඉවත් කර තිබේ.

මෙම පිටුවේ දත්ත පැයෙන් පැයට යාවත්කාලීන කළ අතර ඒ පැය සඳහා විදුලි නිෂ්පාදනය කරන මූලාශ්‍රවල තොරතුරු, එනම් ජල විදුලිය, සූර්ය සහ සුළං බලය, ගල් අඟුරු සහ ඩීසල් ආදී ලෙස දත්ත නිකුත් කෙරිණි.

එම පිටුව පරිශීලනය මගින් බාල ගල් අඟුරු නිසා නොරෙච්චෝලේ විදුලි බලාගාරයේ ජනනය කෙතරම් අඩුවී ඇත්ද ඩීසල් විදුලි ජනනය කෙතරම් ඉහළ ගොස් ඇත්ද යන්න ඉතාම පහසුවෙන් දැකබලාගත හැකි විය.

කෙසේ වුවද අප්‍රේල් මස 06 වෙනිදා සිට මෙම දත්ත ඇතුළත් පිටුව වෙබ් අඩවියෙන් ඉවත්කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *