බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි ධුරයෙන් පහකර වර්තමාන පාලකයන් පසුගිය පාලකයන්ට සමානය යන චෝදනාවෙන් නිදහස් වීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බව සාහිත්‍යවේදී ගාමිණී වියන්ගොඩ පවසයි.
“උනුත් එකයි, මුනුත් එකයි, අපිත් එකයි” කියා සදාකාලයට අහගන්නවද, නැත්නම් ජයකොඩි ඉවත් කරන මඟක් වහා සොයාගන්නවද?
ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ සිය ෆේස්බුක් පිටුවෙහි සටහනක් තබමිනි. බාල ගල් අඟුරු චෝදනාව තහවුරු වීමත් සමග ආණ්ඩුවේ හිතවතුන් ඇමති කුමාර ජයකොඩි බිල්ලට දී අත පිසදා ගැනීමට උත්සාහ කළද ඊට ආණ්ඩුවේ බලවත්ම පුටුව හරස් වී ඇතැයි දැනගන්නට තිබේ.