නොකියාම කරන්ට් කපන කතා බොරු…. කපනවා නම් කියනවා….! – ඇමති කුමාර ජයකොඩි…

April 7, 2026 at 12:52 pm | by emanisa.lk

පූර්ව දැනුම්දීමකින් තොරව දිවයින පුරා විදුලි කප්පාදුවක් සිදු කරන බවට එල්ල වන චෝදනා විදුලිබල හා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි ප්‍රතික්ෂේප කරයි.

ඇමතිවරයා අද (07) පාර්ලිමේන්තුව අමතමින් පෙන්වා දුන්නේ යම් හෙයකින් සැලසුම් සහගත විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කරන්නේ නම්, ඒ පිළිබඳව කල්තියා නිල වශයෙන් දැනුම් දීමට පියවර ගන්නා බවයි.

ඇතැම් ප්‍රදේශවල හදිසි බිඳවැටීම් වාර්තා වන නමුත්, එම බිඳවැටීම් යථා තත්ත්වයට පත් කිරීමට කඩිනම් පියවර ගන්නා බව ද හෙතෙම සඳහන් කළේය.

විපක්ෂ නායක කාර්යාලය අවට ප්‍රදේශය ඇතුළුව දිවයිනේ බොහෝ ස්ථානවල රජය විසින් නිල නොවන මට්ටමින් විදුලි කප්පාදුවක් සිදු කරන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් කළ විමසීමකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *