නයිජීරියාවේ පාස්කු ප්‍රහාර මාලාවක්… විශාල පිරිසක් මරුට… මහ මොළකරු ගැන ආරංචියක් නෑ…!

April 7, 2026 at 12:25 pm | by emanisa.lk

පාස්කු ඉරිදා නයිජීරියාවේ ප්‍රාන්ත ගණනාවක දියත් කළ ප්‍රහාරයකින් කතෝලික සහ ක්‍රිස්තියානි බැතිමතුන් විශාල පිරිසක් මිය ගොස් තිබේ. තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇත.

මෙම ප්‍රහාරවලින් මිය ගිය පිරිස පිළිබඳ රජය මෙතෙක් නිල වාර්තා ප්‍රකාශයට පත්කර නොමැති අතර එය සියයකට අධික බව නිල නොවන වාර්තා ප්‍රකාශ කරයි.

තුවක්කුවලින් සන්නද්ධ අන්තවාදී කල්ලි යතුරු පැදි සහ පා ගමනින් ගම්මාන වෙත කඩා වැදී මෙම ප්‍රහාරය එල්ල කර තිබේ. පිරිසක් කැලෑවලට දිව ගොස් ජීවිත බේරාගෙන ඇති අතර එම කැලෑවල තිබීද මළ සිරුරු හමුව තිබේ.

ඉස්ලාම් අන්තවාදී කල්ලි විසින් 2019, 2021, 22, 23, 24, 25 යන වර්ෂවලද නයිජීරියාවේ ක්‍රිස්තියානි ප්‍රජාව ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ල කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *