මාසේ දිව්ව තෙල් ටිකෙන් මාස තුනක් දුවන්න… ගෑස් වෙනුවට විකල්ප වෙත යන්න…! – මාලිමා මන්ත්‍රී…

April 7, 2026 at 9:28 am | by emanisa.lk

රටේ උද්ගතව ඇති තත්ත්වය අනුව මීට පෙර මාසයකදී භාවිත කළ ඉන්ධන ප්‍රමාණය දැන් මාස තුනක්වත් අරපරිස්සමින් භාවිත කරන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බව ජාතික ජන බලවේගයේ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීර ආරච්චි පවසයි.

“ගෑස් සැපයුම ගැන ගත්තොත්, මීට පෙර ඔබ දන්නවා යුද්ධයක් ඇති වෙලා නෙවෙයි – රට ඇතුළෙ ආර්ථික අර්බුදයක් ඇවිල්ලා ගෑස් දෙන්න බැරිව, ගෑස් පෝලිම්වල මිනිස්සු මැරුණු යුගයක් තිබුණා. ඒ වගේම ගෑස් ටැංකි පුපුරලා මිනිස්සු මැරුණු යුගයක් තිබුණා.

තෙල් ටික මාසෙ පාවිච්චි කරන එක මාස තුනකට පාවිච්චි කරගන්න. විදුලිය මාසයක් පාවිච්චි කරන එක මාස තුනකටවත් පාවිච්චි කරගන්න. ගෑස් මාසයක් පාවිච්චි කරන්න පුළුවන් එක අරපරිස්සමින් විකල්ප දේවල් පාවිච්චි කරගෙන, සීමාව අවබෝධ කරගෙන බුද්ධිමත්ව කටයුතු කරන්න.

පවුල් ලක්ෂ 60ක් ඉන්නවා ලංකාවේ, එක බල්බ් එකක් ඕෆ් කළොත් මොකද වෙන්නෙ ? ඩොලර් ඉතුරු වෙනවා, විදුලිය ඉතුරු වෙනවා, රටේ ආර්ථික අර්බුදයක් නැතිවෙනවා.”

මංජුල සූරියආරච්චි මේ බව පැවසුවේ ඊයේ (06) බගවන්තලාව ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *