රාජ්‍ය මර්දනයෙන් උපරිම බැටකෑ ජවිපෙද අද යන්නේ එම මාවතේ බවත් පැවති ආණ්ඩු සහ වර්තමාන පාලනය අතර කිසිදු වෙනසක් නොමැති බවත් පසුගියදා පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් සඳහා අයඳුම් කළ හිටපු ජවිපෙ ක්‍රියාකාරිකයෙකු වන සසිත් දිසානායක පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ ආණ්ඩුවේ මර්දනය ඉදිරියේ රැකියාව රැක ගැනීමට ඒ සඳහා අයඳුම් කළද රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ වෘත්තීය සටන සමග සිටින බවයි.
“මමත් කලින් ජෙප්පෙක්. ඒ ඉස්සර මිනිස්සු JVP එකට බනින කාලේ ඉඳලා. මම Doctor කෙනෙක් හැබැයි GMOA membership අරගෙන නෑ. අද ඔය GMOA එකට පිටුපෑව කියන නවක වෛද්‍යවරයෙක් මම.
අපිට post intern placement වලට යන්න නියමිතව තිබුණේ මේ අවුරුද්දේ ජනවාරි වල වගේ. ඒත් ministry එකෙන් vacancies හොයලා list එකක් එළියට දාන්නේ මාර්තු. එක transfer board එක through ගිහින් ( ඒ කියන්නේ GMOA suggestions අහගෙන) list එකක් එළියට එනවා. Apply කරන්න ඔන්න මෙන්න කියලා ඒක අයින් කරගන්නවා. ආයේ වෙන list එකක් දානවා. Transfer board concurrences නෑ. ආරෝග්‍යා wellness centers පිරිලා තියෙනකොට තේරෙනවා කවුද list එක හැදෙව්වේ කියලා.
Difficult stations list එකක් තියෙනවා. ඒකෙ ගිය අවුරුද්දේ තිබුන stations 393න් 265i ඉතුරු. අනිත් ඒවා එකපාරටම සංවර්ධනය වෙලා. ලංකාවේ කොහෙද difficult අහන්න එපා. යන්න හරි පාරවල් නැති හවසට hospital එක ළඟ අලි ඉන්න රෑට කන්න කඩයක් නෑති, quarters නැති washroom නෑති, කෙල්ලෙක්ට කිසිම safety එකක් නැති, ලඟම town එක 15km වලට එහා hospital තියෙනවා. එකම batch එකේ කෙනෙක් town එකේ teaching එකකට යනකොට තව කෙනෙක් අර වගේ station එකකට යනවා. වැඩත් අඩුවක් නැති ගෙදර යන්නත් නැති දන්න කියන කෙනෙක් නැති ආරක්ෂාවක් නැති තැනක ජීවිතේම හිර වෙනවා. එහෙම තැනකට යන කෙනෙක්ට තිබුන එකම reward එක අවුරුද්දක් ඉඳලා transfer request කරන්න පුළුවන්. දැන් ඒවගේ එකකට ගියොත් දැන් දියුණු හින්දා අවුරුදු 4ක් ඉන්න ඕන. තවම දියුණු කරන්න බැරි උන ඉතුරු 265ට ගියත් දැන් අවුරුදු 2ක් ඉන්න ඕන. යන එවුන් ඉන්නෙ නෑ. අයින් වෙනව government service එකෙන්.
අසාධාරණ නැද්ද එකපාරටම කරපු වැඩේ. මමත් ඇතුළුව අපි RHO කණ්ඩායමක් ගියා minister හම්බෙන්න list එකේ ගැටළු ගැන කතා කරන්න. ඇමතිතුමා එක්ක meeting එකේ summary එක වුණේ, දැන් vacancies අඩුයි. ඔයාලා මේ වෙලාවේ apply කරේ නැත්තම් අපි foreign ගිහින් ඇවිත් government join වෙන්න බලාගෙන ඉන්න set එකක් ඉන්නවා එයාලට දෙන එක ලේසි. අපිට carder revision කරනකනං ඊළඟ මුළු batch එකටම දෙන්න vacancies කොහොමත් නෑ. එතකොට මෙතනින් ඉතුරු වෙන vacancies අපිට වටිනවා. ඔයාලටත් apply කරේ නැත්තම් ලබන සතියේ ඉඳලා service එක terminate කරන්න. වෙනවා. මේ week එකේ අපි directorslata letters යවනවා apply කරලා නැති අයගෙ salary ගෙවන එක නවත්තන්න. මේක රාජ්‍ය මර්දනය නෙමෙයිද ?
GMOA එක පැත්තෙන් කිව්වා apply කරන්න එපා. කාටහරි මොනවාහරි උනොත් අපි බලාගන්නම් කියලා. අසාධාරණයට fight කරන්න ඕන. GMOA ගැන මොන විවේචන තිබුණත් මේ වෙලාවේ GMOA එකත් එක්ක අපි ඔක්කොම එකඟයි කියන තැන අපේ 453ම හිටියේ. හොමෝටම තිබුන ප්රශ්නය job එක නැති උනොත් මොකද කරන්නේ. මොකද system change කරන්න කියලා ආව එවුන් රාජිතලා වගේ චන්ඩි වෙලා අපිව බෙල්ලටම හිර කරා.
අපි SAITM, Corona ඔක්කොම එක්ක අවුරුදු ගානක් faculty ඉඳලා, 2024.07.04 පටන් අරගෙන වහල් සේවකයෙක් වගේ Intern කරා අවුරුද්දක්. එතනින් පස්සේ 2025.07.04 ඉදලා SLMC registration එක්ක preliminary grade Doctor කෙනෙක් විදිහට ඒ hospital එකේම වැඩ කරා අදට මාස 9ක්. ගෙවල් පැත්තට වැඩ කරන්න යන්න බලාගෙන ඉන්නකොට මෙහෙම list එකක් දාලා apply කරන්න නැත්තම් Job එක නෑ කිව්වාම.
මට අපේ ගෙදරට ඕක පැහැදිලි කරන්න බැරි උනා. Fight කරන්නත් මට job එකක් තියෙන්න ඕන කියලා තීරණය කරා.සමාවෙන්න මම apply කරා. ???? අපේ බහුතරයක් apply කරලා. ඒකට හේතුව අපි එකෙක්වත් health minster ගැන පැහැදිලා නෙමෙයි. අපේ බෙල්ලෙන් මිරිකලා apply කරපිය කිව්ව හින්දා.
රාජ්‍ය මර්දනයෙන් උපරිම බැට කාපු පක්ෂයක් උන JVP එක කරන්නෙත් මර්දනය නම් තොපිත් එකයි. අපිට ඒ කාලේ අසාධාරණයට එරෙහිව හැප්පෙන හැටි කියලා දුන්න නජිත් අයියල අද ඇමැතිල. මේව දන්නෙ නැතුව ඇති. නැත්තං කොහොමද ඉවසන්නේ. අපිත් කරගත්තේ system change.
අපි apply කරා හැබැයි අපි ඉන්නේ මේ වෙලාවේ GMOA එක ගෙනියන fight එකත් එක්ක.”
සතික දිසානායක
FB