සීයට පනහ ගන්න බැරිවුණ අනුරගේ ජනප්‍රියතාව දැන් 62%ත් පැනලා….!

April 5, 2026 at 3:16 pm | by emanisa.lk

ඉතිහාසයේ පැවති ජනාධිපතිවරණයක දෙවෙනි මනාපය ගණන් කර ජනාධිපති බවට පත්වන්නේ වත්මන් ජනාධිපති අනුර දිසානායක බව නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන පවසයි.

එහෙත් අද වන විට ජනාධිපතිවරයාගේ ජනප්‍රියතාව සියයට 62% ඉක්මවා ඇති බවද ඔහු ප්‍රකාශ කරයි.

එය සිදුව ඇත්තේ ගතවූ මාස 14ක කාලයේදී ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළ අනුව බවයි ඔහු පෙන්වා දෙන්නේ.

වැඩසටහනකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පවසා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *