අපි ණයත් නෑ, බයත් නෑ… ආණ්ඩුවේ වහල්ලු වෙන්න අපි ලෑස්ති නෑ…! – GMOA…

April 2, 2026 at 11:38 am | by emanisa.lk

දේශපාලන පක්ෂයකට අවශ්‍ය ආකාරයට සකසන ස්ථාන මාරු ලැයිස්තුවකට හිස නමන්නට තමන් සුදානම් නොමැති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය හංසමාල් වීරසුරිය සඳහන් කරයි.

”අපේ අවශ්‍යතාවත් සලකලා බලනවා නම්, වෛද්‍යවරු විදිහට අපිටත් පුළුවන් සෞඛ්‍ය සේවාවට උදව්වක් කරන්න. ඒක අහන්නේ නැතුව වෛද්‍යවරු වහල්ලු විදිහට නම් සලකන්නේ ඔබතුමාට, සෞඛ්‍ය අමාත්‍යංශයට දුවන්න පුළුවන් කාලය අඩුවෙයි.

වෛද්‍යවරුන් කාගෙවත් අණකට යටවෙලා ඉන්න කැමතිත් නැහැ, එහෙම අවශ්‍යත් නැහැ. අපි කාටවත් ණයත් නැහැ, බයත් නැහැ. අපි කොන්ද කෙළින් තියාගෙන හැමදාම වැඩ කරපු මිනිස්සු. අපි දේශපාලන අවශ්‍යතාවලට කොන්ද නමන්න ලෑස්ති නැහැ.”

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආණ්ඩුව විසින් දේශපාලන උවමනාවන්, හිතවත්කම් මත රාජ්‍ය සේවයට කරන අනිසි අත පෙවීම්වලට විරෝධය ප්‍රකාශ කරමින් සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්සට අනතුර අඟවා ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *