මාලිමාණ්ඩුව බාල ගල් අඟුරු සමාගම්වල අතකොළුවක් වෙලා….!

April 2, 2026 at 10:48 am | by emanisa.lk

දිගින් දිග­ටම විදු­ලිය බිල වැඩි කර බාල ගල්අ­ඟුරු ගනු­දෙ­නුවේ බර ජන­තා­වගේ කර­පිට පැට­වී­මට රජය කට­යුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස පවසයි.

“ඊයේ සහ පෙරේදා නිය­මිත ආකා­ර­යට විදුලි ජන­නය ලක්වි­ජය නොරො­ච්චෝල බලා­ගා­ර­යෙන් සිදු වුණේ නැහැ. ඊයේ මෙගා­වොට් 146ක් පෙරේදා මෙගා­වොට් 158ක් අඩු­වෙන් ජන­නය කර තිබෙ­නවා. මේවාට යොදා­ගෙන ඇත්තේ අප්‍රි­කා­වෙන් ගෙනා 13 වැනි නැවේ ගල්අ­ඟුරු.
මෙතෙක් ගෙනා නැව් 12 බාල බවට මේ වන විටත් පැහැ­දි­ලියි. සම­හර මැති ඇමැ­ති­වරු කියන ආකා­ර­යට මේ බාල ගල්අ­ඟුරු නිසා සිදුවූ පාඩුව අදාළ ආය­ත­න­යෙන් අය කර ගත­හොත් අදාළ සැප­යු­ම්කාර ආය­ත­නය බංකො­ලොත් වෙනවා. රජය සිටින්නේ ගල්අ­ඟුරු සප­යන ආය­ත­නය සුරැ­කී­මට ද විදුලි පාරි­භෝ­ගි­කයා රැක­ග­න්නද?

රජය බල­යට පැමි­ණියේ කම්කරු ජන­තාව පාරි­භෝ­ගික ජන­තාව ආරක්ෂා කර­නවා කිය­ලයි. කෙසේ හෝ බහු­ජා­තික සමා­ග­ම්වල අත­කොළු නොවන බව පැව­සුවා. මාලිමා ආණ්ඩු­වම අද වන විට බාල ගල්අ­ඟුරු සමා­ග­ම්වල ප්‍රාණ ඇප­ක­රු­වන් බවට පත්වෙලා.
ගල්අ­ඟුරු ප්‍රශ්න­යෙන් නිර්මා­ණය වූ අලා­භය මඟ හරවා ගැනී­මට මේ විදුලි බිල වැඩි කිරීම වහා නතර කළ යුතුයි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *