මිනිස්සු එකතු වී ගල උස්සා සිය කර මත තබනු ඇතැයි අන්දරේ කිසිසේත් නොසිතූ බව සර්වජන බලය උපසභාපති, හිටපු අමාත්‍ය, ආචාර්ය චන්න ජයසුමන පවසයි.
දැන් අන්දරේ ගලට යට වෙමින් යන බවත් 1/3කින් විදුලි බිල අඩු කරන්න පැමිණි ආණ්ඩුව විදුලි බිල වැඩිකර ඇති බවත් ඔහු පෙන්වා දෙයි.
දැනට විදුලි බිල වැඩිකර ඇත්තේ යුද්දේ නිසා බවත් බාල අඟුරු නිසා ඉදිරියේදී නැවත වැඩි කරනු ඇති බවත් එහි කෙළවරක් නොමැති බවත් චන්න ජයසුමන ප්‍රකාශ කරයි.