විදුලි ගාස්තුව සමස්තයක් ලෙස සියයට 10කින් ඉහළ දැමූ බව මහජන උපයෝගීතා කොමිසම නිවේදනය කළේය.
ඒ අනුව විදුලි ඒකක 30ට අඩුවෙන් පරිභෝජනය කරන පාරිභෝගිකයගේ ගාස්තුව සියයට 4.3කින් ද, විදුලි ඒකක 31 ත් 60 ත් සහ විදුලි ඒකක 61 ත් 90 ත් අතර පාරිභෝගිකයේ විදුලි ගාස්තුව සියයට 6.9 බැගින් ද, විදුලි ඒකක 91 ත් 180 ත් අතර කාණ්ඩයේ ගාස්තුව සියයට 7.2 කින්ද, විදුලි ඒකක 180ට වැඩි සමූහයේ සමස්ත විදුලි ගාස්තුව සියයට 25 කින් ද ඉහළ දමා තිබේ.
මෙම කාණ්ඩවලට අමතරව මාසික පරිභෝජන විදුලි ඒකක සංඛ්‍යාව 180ට ආගමික ස්ථාන සහ විහාරස්ථානවල විදුලි ගාස්තුව ඉහළ නොදෙමූ බවත් මාසික පරිභෝජන විදුලි ඒකක 180ට වැඩි ආගමික ස්ථාන සහ විහාරස්ථානවල විදුලි ගාස්තුව සියයට 9.6 කින් ඉහළ දැමූ බවත් මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළේය.
පොදු කාර්ය ස්ථානවල විදුලි ගාස්තුව සියයට 8 කින්ද, කර්මාන්ත අංශයේ විදුලි ගාස්තුව සියයට 8.7 කින්ද, හෝටල් අංශයේ විදුලි ගාස්තුව සියයට 9.9 කින්ද, රාජ්‍ය අංශය විදුලි ගාස්තුව සියය 14.40 කින් ද, ඉහළ දමා ඇත.