මාලිමා මන්ත්‍රී පැදවූ රිය තාප්පයක ගැටී කුඩු… වෙනත් රියදුරෙක් දාන වැඩෙත් හබක්…!

March 30, 2026 at 10:31 am | by emanisa.lk

ජාතික ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුහම්මද් ෆයිසාල් පැදවූ මෝටර් රථය හලාවත බණ්ඩාරවත්ත වංගුවේදී මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.

ඊයේ රාත්‍රී 11.45ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර එම අවස්ථාවේ අදාළ මන්ත්‍රීවරයා පමණක් මෝටර් රථයේ සිට ඇති අතර මෙම අනතුරින් මෝටර් රථයට හා තාප්පයට බරපතළ හානි සිදුව ඇත.

අනතුර සිදුවූ අවස්ථාවේ මන්ත්‍රීවරයා ඇඳුම් මාරුකර වෙනත් රියදුරෙකු ඉදිරිපත් කිරීමට සූදානම් වුවද එය ව්‍යවර්ථ වූ බව ප්‍රදේශවාසීහු පවසති.

සිද්ධිය සම්බන්ධයෙන් හලාවත පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *