අනුර රටේ සෞඛ්‍ය සේවාවට කළ ලොකුම සේවය ජේ.ආර්ගේ ඇඳ ජනසතු කිරීමයි….!

March 28, 2026 at 3:06 pm | by emanisa.lk

ජනාධිපති අනුර දිසානායක ලංකාවේ සෞඛ්‍ය සේවාවට කළ ලොකුම සේවය හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන 1978 තැනූ ජයවර්ධනපුර රෝහලේ ඇඳක් ජනසතු කිරීම බව සෞඛ්‍ය වෘත්තිකයන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් පවසයි.

රටේ සංචාරක සෞඛ්‍ය සේවාව දියුණු කිරීමට සැලසුම් කළ ජේ.ආර්. ජයවර්ධන තමන්ට තනිවම භුක්ති විඳීමට ලැබුණු පරිත්‍යාගයක් රට වෙනුවෙන් ලබාදුන් බවත් ජපානයට ජයවර්ධන ජනාධිපතිවරයා ඇති ගෞරවය නිසා එහි ඇඳක් ඔහුට වෙන්කළ බවත් රවී කුමුදේශ් ප්‍රකාශ කරයි.

එහෙත් මෙම ඇඳ කිසිදු අවස්ථාවක ජේ.ආර්. ජයවර්ධන භාවිත නොකළ බවත් එහෙයින් එම ඇඳ ජනතාවට පරිත්‍යාග කිරීම මෝඩ ක්‍රියාවක් බවත් ඔහු පෙන්වා දෙයි.

මේ රටේ සෞඛ්‍ය සේවාව නගා සිටුවීම සඳහා ජනාධිතිවරයාට හෝ ආණ්ඩුවට හෝ කිසිදු වැඩපිළිවෙළක් නොමැති බවත් අවුරුදු කිහිපයකින් රට භාරගන්නා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස තමන්ට ඇහුන්කම් දීම පිළිබඳ සතුටු වන බවත් රවී කුමුදේශ් වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *