අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ අත්අඩංගුවට ගෙන ඇත.
වාහන ලියාපදිංචි කිරීමේ අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාලව මෙම අත්අඩංගුවට ගැනීම කර තිබේ.
ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ කැබ් රථයක චැසි අංකය සංශෝධනය කර එය ව්‍යාජ ලියාපදිංචියක් සඳහා ආධාර අනුබල දීමේ චෝදනාවක් සම්බන්ධයෙනි.