ආවේ රටම ඩිජිටල් කරන්න…. ID ඔෆිස් පරිගණක පද්ධතිය යළි වැටේ… සියලු හැඳුනුම්පත් සේවා නවතී…!

March 27, 2026 at 10:37 am | by emanisa.lk

අද(27) සිට නැවත දැනුම් දෙනතුරු පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ එක්දින සේවාව ඇතුළු සියලුම මහජන සේවාවන් අත්හිටුවීමට තීරණය කර තිබේ.

ඊට හේතු වී ඇත්තේ එම දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ ඊයේ (26) පස්වරුවේ සිදු වූ හදිසි බිඳවැටීමකි.

එම පද්ධතිය යථා තත්ත්වයට පත් කරන තෙක් සියලුම සේවාවන් ක්‍රියාත්මක නොවන බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.

පසුගිය 24 වැනිදා ද පරිගණක පද්ධතියේ හදිසි බිඳවැටිමක් හේතුවෙන් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ එක්දින සේවාව ඇතුළු සියලුම මහජන සේවාවන් අත්හිටුවීමට සිදුවිය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *