රාජ්ය සහ පළාත් රාජ්ය සේවා වෘත්තීය සමිති එකමුතුවේ නායකත්වයෙන් ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී චන්දන සූරියආරච්චිගේ ඉවත්කර තිබේ.
ඒ, ඊයේ (26) කොළඹ මහජන පුස්තකාල ශ්රවණාගාරයේදී පැවති රාජ්ය සහ පළාත් රාජ්ය සේවා සංවර්ධන නිලධාරී වෘත්තීය සමිති සන්ධානය විසින් සංවිධානය කරන ලද සංවර්ධන නිලධාරී ජාතික සමුළුවේදී ය.
එහිදී අදහස් දැක්වූ ඒකාබද්ධ සංවර්ධන නිලධාරී සංගමයේ ලේකම් ධම්මික මුණසිංහ ප්රකාශ කළේ සිය සමුළුව කඩාකප්පල් කිරීමට එහි සම්බන්ධීකාරක ලෙස කටයුතු කළ චන්දන සූරියආරච්චි කුමන්ත්රණය කළ බවයි.
“අපට ඊයේ දවසේ නිව්ස් ඇලර්ට් එකක් ආවා, අද සමුළුව නෑ කියලා. මහජන පුස්තකාලයට ඇවිල්ලා තිබුණා අද සමුළුව නෑ, ඒ නිසා ශාලාව කැන්සල් කරන්න කියලා. අපි අද ආණ්ඩුවට කියනවා, චන්දන සූරිය ආරච්චිට කියනවා අද සිට ඔයාගේ වෘත්තීය සමිති නායකත්වය අපි අහෝසි කරනවා.
ලැජ්ජයි මහත්තයෝ, අපිත් එක්ක එදා එක වේදිකාවේ මේ ඉල්ලීම් දිනාගන්න සටන් කරලා, අද ආණ්ඩුව අරගෙන විලි ලැජ්ජයි, සමුළුව නවත්වන්න ශාලාවත් කැන්සල් කරන්න හදනවා. චන්දන මේ දවස්වල කියනවා කැබිනට් පත්රිකාවක් හදලා තියෙන්නෙ කියලා. අපි කියනවා, දවස් දෙක තුනක් දෙන්නම්, ඕක එළියට දාන්න. ආණ්ඩුවේ මන්ත්රී කෙනෙක්නෙ. ඒ නිසා චන්දනට අභියෝග කරනවා ඔය හංගන් ඉන්න කැබිනට් පත්රිකාව එළියට දාන්න.”