මිලියන 450ක් වැයකළ පිටුකොටුව සුපිරි බස්නැවතුම මෙන්න…!

March 26, 2026 at 10:13 am | by emanisa.lk

රුපියල් මිලියන 450ක් වියදම් කර කොළඹ ප්‍රධාන බස් නැවතුම්පොළ ප්‍රතිසංස්කරණය කොට ජනතාවට පැවරීමට කටයුතු කර තිබේ.

ආණ්ඩුව ප්‍රකාශ කළ ආකාරයට අප්‍රේල් මාසය එළඹීමට පෙර එය ප්‍රතිසංස්කරණ කටයුතු නිමා කළද ඒ එකල පැවසූ නවීන බස් නැවතුමක් ලෙස නොවේ.

මෙහිදී සිදුකර ඇත්තේ බස් නැවතුමෙහි තීන්ත ආලේප කර සුළු සුළු අලුත්වැඩියා කිහිපයකි. වසර 60කට පසු බස් නැවතුම ප්‍රතිසංස්කණය කරන බව ප්‍රකාශ කළද මෙය 2012-13 කාලයේද විශාල ප්‍රතිසංස්කරණයකට ලක්විය.

මෙම ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කළ අවස්ථාවේ ආණ්ඩුවට සම්බන්ධ සමාජ මාධ්‍ය ජාලා පිටුවල හුවමාරු වූ නවීන බස් නැවතුම සහ අවසානයේ ජනතා අයිතියට පත්කළ බස් නැවතුම ඡායාරූපවල දැක්වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *