මැදපෙරදිග යුද්ධයට පෙර ලංකාවට රැගෙන ආ තෙල් ඉතිහාසයේ පෙර නුවූ විරූ මිලකින් ඉහළ දමා ජනතාව සූරාකෑමට පැලවත්ත කළුකඩකාර ආණ්ඩුව කටයුතු කළ බව පිවිතුරු හෙළ උරුමයේ තරුණ ලේකම් කුමාර රාජරත්න පවසයි.
ඉන්ධන මිල ඉහළ නැංවීමට සමගාමීව මගී ප්‍රවාහන බස් ගාස්තු ඉහළ දැමීමට ආණ්ඩුව කටයුතු නොකළ නිසා බස් ධාවනය සීමා කිරීමෙන් ජනතාව තවත් පීඩාවට පත්වූ බවටද ඔහු චෝදනා කරයි.
ආණ්ඩුවක් කිරීමට කට පමණක් ප්‍රමාණවත් නොවන අතර මොළයකුත් තිබිය යුතු බව ඔත්තේ දිනවල එන ජනාධිපති අනුර දිසානායකට සහ ඉරට්ටේ දිනවල එන විපක්ෂ නායක අනුර දිසානායකට දැනුම් දෙන බවත් ඒ ගැන විමසන්නට ජනතාව නුදුරු දිනකම ඔහු සොයා එනු ඇතැයිද කුමාර රාජරත්න වැඩි දුරටත් ප්‍රකාශ කරයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ පිවිතුරු හෙළ උරුමය මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.