තෙල් බැරල් එකේ ඩොලර් 70 ඉඳලා 130ට ගියාම මිල සූත්‍රේට වැඩි කරන්න බෑ…! – ඇමති නලින්ද ජයතිස්ස…

March 24, 2026 at 4:57 pm | by emanisa.lk

මෑතදී සිදුකළ ඉන්ධන මිල සංශෝධනයේදී මිල සූත්‍රයට අනුව කටයුතු නොකළ බව අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

ඒ අද(24) කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

ලෝක වෙළඳපොළ තුළ සුලු උච්ඡාවචනයක් සිදු වූයේ නම් මිල සූත්‍රය අනුව කටයුතු කළ හැකි බවත් මෙම තත්ත්වය හමුවේ මිල සූත්‍රය අනුව ගැලපීමට නොහැකි බවත් ඔහු පෙන්වා දෙයි.

ඩොලර් 70-80ට පැවති තෙල් බැරලයක් ඩොලර් 130 දක්වා ඉහළ ගිය විට සූත්‍රවලට ගැළපීමට නොහැකි බවත් එහිදී අමාත්‍යවරයා පවසා සිටියේය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා සඳහන් කළේ මැයි මස පළමු වෙනිදාට මිල සූත්‍රය අනුව මිල සංශෝධනය සිදුවන බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *