බාල ගල් අඟුරු නොරෙච්චෝලේ බල බිඳී… වැඩිම විදුලි නිෂ්පාදනය ඩීසල් බලාගාරවලින්…!

March 24, 2026 at 11:05 am | by emanisa.lk

නොරෙච්චෝලේ බලාගාරයේ විදුලි නිෂ්පාදනය මේ වන විට මෙ.වො. 200කින් පමණ පහත වැටී ඇතැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව පවසයි.

නොරෙච්චෝලේ බලාගාරයෙන් මෙ.වො. 810ක් විදුලි පද්ධතියට මුදා හරින අතර බාල ගල් අඟුරු භාවිතය සමග ආරම්භයේදී එය මෙ.වො. 100කින් පමණ අඩු විය.

කෙසේ වුවද මේ වන විට එහි විදුලි ජනනය මෙ.වො. 190කින් පමණ පහත වැටී තිබේ. ඒ අනුව ආරම්භයේදී ගෙන ආ ගල් අඟුරුවලටත් වඩා බාල ගල් අඟුරු අනතුරුව රටට ගෙනැවින් ඇති බව තහවුරු වන බවද දුමින්ද නාගමුව ප්‍රකාශ කරයි.

මෙහි ප්‍රතිඵලය ලෙස මාර්තු 21 වෙනිදා රාත්‍රියේ මෙ.වො. 1000ක් නිෂ්පාදනය කර ඇත්තේ ඩීසල් මගින් බවද ඔහු අනාවරණය කරයි. ඒ අනුව ප්‍රවාහනයට වෙන්කළ යුතු ඩීසල් විදුලි නිෂ්පාදනයට යෙදවීම නිසා ඉදිරියේදී විදුලි කප්පාදුවකට අමතරව ප්‍රවාහන අර්බුදයක්ද පැනනගිනු ඇතැයි දුමින්ද නාගමුව අනතුරු අඟවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *