විදුලි උත්පාදනයටත් ඉන්ධන අත්‍යවශ්‍යයයි.. අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න…! – ඇමති උපාලි පන්නිල….

March 23, 2026 at 4:41 pm | by emanisa.lk

ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල අසීමිත ලෙස ඉහළ ගොස් තිබුණද රජය මැදිහත් වී මෙරට ආර්ථිකය ස්ථාවර මට්ටමක පවත්වාගෙන යන බවත් ජන ජීවිතයට විශාල බලපෑමක් එල්ල වීමට ඉඩ නොතබා කටයුතු කරන බවත් අමාත්‍ය උපාලි පන්නිල පවසයි.

ලෝක වෙළඳපොළේ මිල ඉහළ යාම හමුවේ මෙරට ඉන්ධන මිල පාලනය කර ගැනීම සඳහා රජය භාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 20,000ක මුදලක් වෙන්කර ඇති බව අමාත්‍යවරයා අනාවරණය කළේය.

බොරතෙල් හිඟ වුවහොත් පිරිපහදු කළ ඉන්ධන ලබා ගැනීමට සිදු වන බවත් විදුලිය උත්පාදනය සඳහා ද ඉන්ධන අත්‍යවශ්‍ය වන බැවින්, බලශක්තිය ඉතා පිරිමැස්මෙන් යුතුව භාවිත කළ යුතු බවත් ඔහු පෙන්වා දෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *