හදිසි ගල් අඟුරු ටෙන්ඩරය ධම්මික පෙරේරාගේ සමාගමකට… ටොන් එකක මිල සාමාන්‍ය මිලට වඩා ඩොලර් 30ක් වැඩියි…!

March 21, 2026 at 9:57 am | by emanisa.lk

හදිසි මිලදී ගැනීම් යටතේ අලුතින් ගල් අඟුරු නැව් පහක් ගෙන්වීමේ කොන්ත්‍රාත්තුව හේලීස් (Hayleys) සමාගමට ලබා දී ඇති බව සමගි ජනබලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී එස් .එම්. මරික්කාර් පවසයි.

මෙම ගල් අඟුරු මෙට්‍රික් ටොන් එකක් සඳහා සාමාන්‍ය මිලට වඩා ඩොලර් 30ක අතිරේක මුදලක් ගෙවීමට රජයට සිදුව ඇති බව මන්ත්‍රීවරයා අනාවරණය කරයි.

මෙලෙස අතිරේක මුදලක් ගෙවීමෙන් විශාල පාඩුවක් රජයට සිදුවන බව පෙන්වා දෙන ඔහු එය මෙරට සිදු වු විශාලතම දූෂණය හා නාස්තිය විය හැකි බව අවධාරණය කරයි.

හේලීස් (Hayleys) සමාගම තම සන්නාම නාමය රැකගැනීම සඳහා ගුණාත්මක තත්ත්වයෙන් යුතු ගල් අඟුරු ලබා දෙනු ඇතැයි තමන් විශ්වාස කරන බව මරික්කාර් වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *