සැප්තැම්බර් 21 වැනිදා පැවති ජනාධිපතිවරණයට පෙර අනුර කුමාර දිසානායක මහතා සිදුකළ ප්‍රකාශ සහ වර්තමාන ක්‍රියාකලාපය අතර දැඩි පරස්පරතාවක් පවතින බව හිටපු බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.
පරන්තන්හි සල්ෆියුරික් අම්ලය නිෂ්පාදනය කරන බව ජනාධිපතිවරයා එකල ප්‍රකාශය කළද දැන් පරන්තන්හි නොව බාල ගල්අඟුරු දහනය කිරීම මගින් අහසේ සල්ෆියුරික් අම්ලය නිපදවමින් ඇති බව ප්‍රකාශ කරයි. මෙහි අහිතකර ප්‍රතිඵල අනාගතයේදී වැසි වසින විට ජනතාවට බලාගත හැකි වනු ඇතැයි ද හෙතෙම අනතුරු ඇඟවීය.
විදුලි මීටර යාවත්කාලීන කිරීම සහ විදුලි බිල අඩු කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සිදුකළ ප්‍රකාශ විවේචනය කළ හිටපු ඇමතිවරයා, ඩිජිටල් මීටර මෙරටට හඳුන්වා දුන්නේ 2010 වසරේදී බවත්, ඒවා නිෂ්පාදනය සඳහා බණ්ඩාරගම කර්මාන්ත ශාලාවක් ඇති බවත් පෙන්වා දුන්නේය.
මැතිවරණයට පෙර විදුලි බිල තුනෙන් එකකින් අඩු කරන බව පැවසූ පිරිස්, දැන් නැවත වරක් විදුලි ගාස්තු 13.5% කින් ඉහළ නැංවීමට යෝජනා කරමින් සිටින බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
ජනාධිපතිවරයා දත්ත සහ සංඛ්‍යා ලේඛන නිවැරදිව සොයා බලා කතා කළ යුතු බවත්, සමාජ මාධ්‍ය හරහා සිදුකරන ප්‍රකාශවලින් ජනතාව මුලාවට පත් නොකළ යුතු බවත් හිටපු අමාත්‍යවරයා අවධාරණය කළේය.