ගිය මාසේ පෙට්‍රල් ලීටර් 40ක් ගැහුවා නම් මේ මාසේ 30ට බස්සගන්න…! – නි. ඇමති චතුරංග අබේසිංහ….

March 18, 2026 at 4:25 pm | by emanisa.lk

ජනතාව ස්වයංව ඉන්ධන පරිභෝජනය අඩුකරගන්නේ නම් QR දැමීමේ අවශ්‍යතාවක් නැතැයි නි. අමාත්‍ය චතුරංග අබේසිංහ පවසයි.

අනවශ්‍ය ගමන් බිමන් සීමා කිරීම, විදුලි පරිභෝජනය අවම කිරීම, පොදු ප්‍රවාහනය භාවිත කිරීම ඔස්සේ ජනතාවට ඒ සඳහා දායක විය හැකි බවද ඔහු පෙන්වා දෙයි.

ගිය මාසයේ තෙල් ලීටර් 40ක් පරිභෝජනය කර ඇත්නම් මේ මාසයේ එන ලීටර් 30 දක්වා අඩුකර ගැනීමට ජනතාවට කටයුතු කළ හැකි බවද චතුරංග අබේසිංහ අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *